General20 September 2025

OPPOSITION LEADER CALLS FOR STRUGGLE FOR FAIR PADDY PRICE

The Leader of the Opposition, Sajith Premadasa, has accused the government of breaking its promises to farmers, declaring that he is ready to lead a struggle for a fair price for paddy.


Speaking at a mobile service for farmers in the Nallachchiya division, Premadasa said that despite the government's promise of a guaranteed price of Rs.150 per kilogram, paddy is being purchased for just Rs.120, while wet paddy fetches a mere Rs.90.


He stated that these prices are not enough for farmers to cover their expenses.


The opposition leader also highlighted a number of issues faced by the farming community, including a lack of quality fertilisers and seeds, and inadequate compensation for crop damage caused by human-wildlife conflict.


He added that the compensation for a death caused by an elephant attack remains a paltry Rs.1 million.


Premadasa claimed that while in opposition, current government ministers had promised to pass a parliamentary act to make the Rs.150 price a law, but now in power, they are neglecting the promises they made to the people.


He concluded by saying he is ready to fight for farmers both inside and outside Parliament, and is prepared to renew his social contract with the public.


වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවත් අද වී මිලදී ගන්නේ රුපියල් 120ට බවත් තෙත වී කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 90ක් බවත් සාධාරණ වී මිලක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ පනතකින් වී සඳහා සහතික මිලක් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද අද ඒ පොරොන්දු කිසිවක් ඉටු නොකර ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබෙන බවයි.

නල්ලච්චිය කොට්ඨාසයේ දී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ පැවැති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව පැවැසුවාය.

මේ වන විට ගොවියා අනාථ වී ඇති බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර, වල් නාශක හා බීජ නොමැති බවත් කලට වේලාවට පොහොර සහනාධාර මුදල් නොලැබෙන බවත් වගාව අවසන් වූ පසු මුදල් ලැබෙන අවස්ථා ද පවතින බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

ඊට අමතරව ගොවි උපකරණවල මිල ඉහළ යාම වගාව කරන විට වන අලි මිනිස් ගැටුම, වන සතුන් මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වුවත් නිසි වන්දි හා රක්ෂණ ක්‍රමවේදයක් නොමැති බවත් වන අලි ප්‍රහාරයක් නිසා මිය ගියොත් තක්සේරු මුදල රු. ලක්ෂ 10ක් බවත් මේවා බරපතල ගැටලු වුවත් රජය මේවා තැකීමකට ලක් නොකරන බවත් අවම වශයෙන් අමාරුවෙන් ගන්නා අස්වැන්නට හොඳ වෙළෙඳපොළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවලට ලබා දෙන සහතික මිල පාර්ලිමේන්තු පනතකින් රටේ නීතිය බවට පත් කරන බවට පවසා වී කිලෝවකට රු. 150ක් දෙනවා කිව්වත් අද වන විට බලය ලැබුණු පසු එය රු. 120ට අඩු වී ඇති බවත් තෙත වීවලට ලැබෙන්නේ රු. 90ක් වැනි සොච්චම් මුදලක් බවත් මේවා වියදම් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු සදහන් කළා.

දුක රජයට තේරුණේ බලය නැති කාලයේ බවත් බලය ලැබුණු පසු බලය අත්හරින්නේ නෑ කියා පුරසාරම් දොඩමින් යන බවත් ලක්ෂයක් වුවත් බලය වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසන බවත් ඒ කාලයේ කියපුවා දැන් වලංගු නැති බවට රජයේ මැති ඇමතිවරු කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා


එදා මැතිවරණ සමයේ ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම නැවත වරක් අලුත් කර ජනතාව වෙනුවෙන් කැපවීමෙන් විපක්ෂයෙන් සිදුවිය යුතු සේවාව ඉටු කරන්න සූදානම් බවත් මේ ගොවියන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇති නිසා මේ ගැටලු සෑම එකක්ම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඉදිරිපත් කර ඉහළම සටන සහ අරගලය කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Related Recomands
Hiru TV News | Programmes