ඇපල් සමාගම සිය පළමු Foldable iPhone දුරකථනය එළිදක්වා තිබෙනවා.
ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී John Teus සිය ධුරයේ වැඩ භාරගෙන දෙවැනි සතියේදී මෙම නව iPhone හඳුන්වාදීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
iPhone Duo ලෙස නම් කර ඇති මෙම නව දුරකථනය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.
එය දිගහැරූ විට කුඩා iPad එකක ආකාරයක් ගන්නා අතර, නැමූ විට සාමාන්‍ය iPhone එකකට වඩා පළලින් යුත් දුරකථනයක් ලෙස භාවිත කළ හැකියි.
මෙය ඇපල් සමාගමේ මෙතෙක් හඳුන්වා දී ඇති විශාලතම සහ මිල අධිකම iPhone මාදිලිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි අමෙරිකානු වෙළෙඳපොළේ ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 1,999ක් වන අතර, ඉහළම මාදිලියේ මිල ඩොලර් 3,200ක් දක්වා ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එය එක්සත් රාජධානියේ ආරම්භක මිල පවුම් 1,999ක්.
නව iPhone Duo එක iPad නිෂ්පාදනයෙන් ආභාසය ලබාගෙන නිර්මාණය කළ බව John Teus සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, තාක්ෂණික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙතරම් ඉහළ මිලක් හේතුවෙන් නව නැමිය හැකි iPhone එකට විශාල පාරිභෝගික ඉල්ලුමක් ඇති කර ගැනීම අභියෝගයක් විය හැකි බවයි.
Samsung සහ Huawei වැනි සමාගම් දැනටමත් නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ සිටියද, එවැනි දුරකථන දැනට සමස්ත ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියෙන් 2%කට පමණක් හිමිකම් කියන බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.
මේ අතර, ඇපල් සමාගම විසින් iPhone 18 Pro සහ iPhone 18 Pro Max මාදිලිද එළිදක්වා තිබෙනවා.
එමෙන්ම Siri AI සම්බන්ධයෙන්ද නව තොරතුරු ඇපල් සමාගම හෙළි කර ඇති බව සඳහන්.
iPhone 18 සමග Siri AI හට පරිශීලකයාගේ දුරකථනයේ ඇති පණිවිඩ සහ ඊමේල් වැනි තොරතුරු අතරින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට, ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට සහ පරිශීලකයා වෙනුවෙන් ඇතැම් කාර්යයන් සිදු කිරීමට හැකියාව ලැබෙන බවයි සඳහන් වන්නේ.
මෙම AI විශේෂාංග බොහෝ අවස්ථාවල දුරකථනය තුළම ක්‍රියාත්මක වන අතර, පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඇපල් සමාගම අවධාරණය කර තිබෙනවා.

Latest News
මෝදි - පුටින් හමුවෙති: ඉන්දු රුසියානු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතා
Local
12 September 2026
එයාර් බස් ගනුදෙනුවේ නාමල් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් CIDයට උපදෙස්
Local
12 September 2026
ජනපති පොළොන්නරුවට යද්දී පොහොට්ටුව අද අනුරාධපුරයට
Local
12 September 2026
සොහොයුරුගේ අවමංගල්‍යයට ගොස් දින දෙකකට පසු නෝර්වේ කුමරිය මියයයි
Local
12 September 2026
ජීව විද්‍යාත්මක අවි නිපදවීමට AI යොදාගත් උත්සාහයන් Anthropic නවත්වයි
Local
12 September 2026
ප්‍රදේශ රැසකට අදත් මි. මී 50 ඉක්මවූ තද වැසි
Local
12 September 2026
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026