පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවීමට විශාල කාර්යභාරයක් කළ හිටපු අමාත්‍යවරුන් අතර ඩිලාන් පෙරේරාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කෙසේ වෙතත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරාට නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ධුරය හිමි වී තිබෙනවා. එසේම ඔහුගේ පියාණන් වන ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරාට ඌව පළාත් ආණ්ඩුකාර ධුරය පිරිනැමීමටද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පසුගියදා පියවර ගත්තා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරායී.
පෙර Hard Talk මෙතනින් >>>