මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වසර ගණනාවක සිට වාමාංශික දේශපාලනයේ නිරතවන අයෙක්. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ වත්මන් ව්‍යවස්ථාව සකස් කිරීමේදී එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඊට විරෝධය පළකරමින් කළු කොඩි දැමීම නිසා ඔහුට තම ආචාර්ය ධුරය පවා අහිමි වුණා. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර සමඟ ද දේශපාලනයේ නිරතවූ අයෙක්.  අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයි.