අතුරු අයවැයෙන් වාහන බදු සංශෝධනය කිරීම නිසා එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහනවල මිල රුපියල් එක්ලක්ෂ 50,000 කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. කෙසේ නමුත්, හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් වර්ගයේ වාහන සඳහා පැවති බදු ප්‍රතිශත ඉහළ දැමීම නිසා ඒවායේ මිල ගණන් රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ. මෙලෙස දෙමුහුන් වර්ගයේ වාහනවලට ඉහළ බදු ප්‍රතිශතයක් පැනවීමට ගෙන ඇති තීරණය පිළිබඳව අද දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා. අතුරු අයවැයෙන් වාහනවල ක්ෂයවීමේ වගුව ඉවත් කිරීමට ද යෝජනා කර තිබෙනවා. මේ නිසා ඉදිරියේදී පාවිච්චි කරන ලද වාහන මිල ගණන්වල වෙනස්වීමක් ද අපේක්ෂා කරන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සභාපතිවරයා කියා සිටියේ.
Latest News
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026
කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ඉලක්කයක්: නි. ඇමති චතුරංග
Local
25 August 2026
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
Local
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
25 August 2026
මාතර පොල්හේනේදී දිය වැලකට හසුව ගසාගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් පොලිස් ජීවිතාරක්ෂකයන්ගෙන් බේරා ගනියි
Local
25 August 2026
බුලත් කෙළ ගැසූවන්ටයි, මුත්‍රා කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
Local
25 August 2026
“ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
Local
25 August 2026