General25 August 2026

2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි

2027 වර්ෂය සඳහා සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් 14 වන බදාදා අපරභාග 03.29යි.

පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන බදාදා පූර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා යෙදී තිබෙනවා.

ආහාර පිසීම, අප්‍රේල් 14 වන බදාදා අපරභාග 6.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සිදුකරන ලෙසයි එම නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය: අප්‍රේල් 14 වන බදාදා අපරභාග 8.18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සිදුකෙරෙනු ඇති.

හිසතෙල් ගෑම, අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා ස්නානය කිරීම සුදුසු බවත් රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, අප්‍රේල් 21 වන බදාදා පූර්වභාග 06.15 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම සුදුසු බවයි එම නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes