කූරගල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ උද්ඝෝෂණයක නිරත වූ සිංහල රාවය සංවිධානයේ පිරිසක් විසුරුවා හැරීමට අද (04) පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. කෙසේ වෙතත්, උද්ඝෝෂණයේ නිරත වූ සිංහල රාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් කියා සිටියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවයි.
මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ප්‍රදේශයේ සාමයට බාධාවන අයුරින් එය පැවැත්වීම නිසා එය විසුරුවා හැරීම සඳහා අවම බලය භාවිත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
කූරගල ප්‍රදේශවාසීන් පවසන්නේ දීර්ඝ කාලයක් පුරා සාමකාමීව ජීවත්වන තම ප්‍රදේශයේ ජනතාව අතර භේදයක් ඇති කිරීමට උද්ඝෝෂකයින් පිරිස උත්සාහ දැරූ බවයි. ඒ පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත කියා සිටියා.
මේ අතර, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියා සිටියේ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරන කැණීම් නිවැරදි ක්‍රමවේදයට සිදුවන බවයි.
එමෙන්ම එම පුරාවිද්‍යා කැණීම් සඳහා දැනට පවතින ඉස්ලාමීය දේවස්ථානය ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විකල්ප ස්ථානයකට යාමට එම දේවස්ථානය පාර්ශවයේ කැමැත්ත පළ වී ඇති බවද පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
Update : Saturday, 04 April 2015 - 18.11
-----------------------------------------------
සිංහලරාවයට කුරගලදී පොලිසියෙන් ජල ප්‍රහාරයක්
බලංගොඩ - කුරගල ඵෙ ඓතිහාසික භූමියේදී විරෝධතාවයක නිරත වූ සිංහල රාවයේ පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ අනවසරයෙන් භූමියට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ජල ප්‍රහාරය එල්ල කළ බවයි. කුරගල ඓතිහාසික භූමියේ තැන්න ප්‍රදේශයේදී ජල ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
Update : Saturday, 04 April 2015 - 14.21

සිංහලරාවයට ජල ප්‍රහාරයක්
බලන්ගොඩ කූරගල ඓතිහාසික භූමියේ විරෝධතාවක නිරත වූ සිංහලරාවය පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරක් එල්ලකරයි.

Latest News
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026
මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026