කූරගල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ශව කිහිපයක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
මේ අතර කූරගල පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගියදා සිංහල රාවය සංවිධානයේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා. පසුව පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල කර එම පිරිස විසුරුවීමටයි පියවර ගෙන තිබුණේ.
මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඓතිහාසික වැදගත්කමකින් යුත් කූරගල ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුවන්නේ නිවැරදි ක්‍රමවේදයකට අනුව බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.

Latest News
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026
බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
29 August 2026
අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
29 August 2026
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026