ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් සහ ඉන්ෆ්ලූවෙන්සා බී යන වෛරස් උණ රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය පැය 24 පුරා විවෘතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එක් දිනක් තුළ රෝගය නිශ්චිතව හඳුනාගැනීමේ පහසුකම් එම ඒකකය තුළ ස්ථාපිත කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ. මීට අමතරව සියලූම රජයේ රෝහල්වලට අදාළ වෛරස් රෝග හඳුනාගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.
ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් සහ ඉන්ෆ්ලූවෙන්සා බී යනු වසරේ එක් කාලසීමාවක් තුළ මෙරට දක්නට ලැබෙන වෛරස් රෝග තත්ත්වයක්. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ මෙම රෝගයේ සීග්‍ර පැතිරයාමක් නිරීක්ෂණය කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ. පවතින කාලගුණික තත්ත්වයන්ද බොහෝවිට ඊට හේතුවිය හැකියි. දකුණ, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙම වෛරස් රෝග තත්ත්වයන් ව්‍යාප්තිය වැඩිවශයෙන් නිරීක්ෂණය කර තිබෙනවා. පසුගිය සතියක කාලසීමාව තුළ තවත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තාවූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
ගැබිණි මව්වරුන්, වයෝවෘද්ධ පුද්ගලයන්, වයස මාස 2 ට අඩු කුඩා ළදරුවන් සහ නිධන්ගත රෝග තත්ත්ව පවතින පුද්ගලයන් මෙම ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රෝගයට නිසි ප්‍රතිකාර නොගතහොත් නිව්මෝනියාව වැනි රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වී මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Latest News
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
Local
27 June 2026
'එවර් ලව්ලි' නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක්: ට්‍රම්ප්
Local
27 June 2026
අමෙරිකානු සමාගම් මත බදු පැනවූවොත් 100%ක තීරුබද්දක්: ජනපති ට්‍රම්ප්
Local
27 June 2026
අදත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට
Local
27 June 2026
ලංගම බස් රථයක් දියතලාවේදී අඩි 20ක ප්‍රපාතයකට පෙරලී 42ක් රෝහලට
Local
27 June 2026
අයර්ලන්තයට ඓතිහාසික ජයක්: පළමු T20 තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරදී
Local
27 June 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026