General17 May 2016

අලියෙකුගෙන් බේරීමට වැවකට පැන්න තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි

තමන් හඹාගෙන ආ වන අලියෙකුගෙන් බේරීම සඳහා වැවකට පැන ඇති තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යාමේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තරුණයන් 6 දෙනෙකු හබරණ - අඹගස්වැව ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ඊයේ ගොස් ඇති අතර වන අලියෙකු පසුපස හඹා ඒම හේතුවෙන් මොවුන් වැවට පැන ඇති බව සදහන්.

එහිදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන සොයාගෙන තිබෙනවා.

මිය ගිය තරුණයන් දෙදෙනා වයස අවුරුදු 17ක් සහ 22ක් වන හබරණ - ඊරිගොය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Related recommendation
Hiru TV News | Programmes