ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දින 10 ක් ක්‍රියාත්මක වූ හෙද වර්ජනය අද (12) පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.
ඒ රෝහල් බලධාරින් සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
දෛනික රාජකාරියට වාර්තා කිරීමේ දී ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කෙරුණේ පසුගිය බදාදා දිනයේදීයි.
ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක නොකරන ලෙස හෙද සංගම් එහිදී ඉල්ලා සිටියා.
ජයවර්ධනපුර රෝහලේ ආරම්භ කළ මෙම වර්ජනයට සහය දක්වමින් ඊයේ (11) දිනයේදී කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරින් ද සංකේත වර්ජනයක් ද ආරම්භ කළා.
පැය 24 ක් පුරා පැවති මෙම සංකේත වැඩවර්ජනය අවසන් වූයේ අද පෙරවරු 7 ටයි.
අද (12) පෙරවරුවේ රෝහල් බලධාරින් සහ හෙද සංගම් අතර පැවති සාකච්ඡාවේදී ඇඟීලි සලකුණු ක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණා.
එමෙන්ම, ප්‍රායෝගික ගැටලූ සම්බන්ධයෙන් වන සාකච්ඡා, අමාත්‍යාංශ කමිටුවක් මගින් සිදුකිරීමට ද තීරණය වී තිබෙනවා.
මෙම එකඟතාව තම සංගමයට ලිඛිතව ලැබීමෙන් අනතුරුව, වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි කරුණු පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්නගෙන් ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඇඟීලි සලකුණු ක්‍රමය තාවකාලිකව ඉවත් කර ගැනීමට එකඟත්වය පළ කළ බවයි.

Latest News
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026