General24 March 2019

බස් රථයක් පෙරලී 50ක් රෝහලේ - (ඡායාරූප)

වලපනේ - නුවරඑළිය මාර්ගයේ මහඌවවත්ත කෝවිල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අම්පාර ප්‍ර දේශයේ සිට වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes