කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මිය ගිය 58 හැවිරිදි පුද්ගලයා රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු පසුගිය 16 වන දා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ - වේලන්කණ්ණි ප්රදේශයේ සංචාරයක ද නිරත වී ඇති බව සඳහන්.
ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද ප්රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇය මේ වන විට සුවය ලබා රෝහලෙන් නික්මී ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
මේ දක්වා ශ්රී ලංකාව තුළ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 151 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් තවත් රෝගියෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා රෝගීන් විසි දෙදෙනෙකු සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්යා අංශය නිවේදනය කළේ.
මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්රතිකාර ලබනවා.
එමෙන්ම, කොරෝනා රෝගීන් බවට සැක කෙරෙන තවත් 250 දෙනෙකු වෛද්ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේ.
මේ අතර, යාපනය - අරියාලේ ප්රදේශයේ කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙයට සහභාගි වූ 163 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
යාපනය දිස්ත්රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 04 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබනවා.
සෙසු තුන් දෙනා පලාලි නිරෝධායන මධ්යස්ථානයේ සිටි තුන් දෙනෙකු බවයි වාර්තා වන්නේ.
මොවුන් සිව් දෙනාම ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගි වූවන් බවට අනාවරණ වී තිබෙනවා.
යාපනය රෝහලේ මේ වන විට කොරෝනා බවට මතු වූ සැක මත පරීක්ෂාවන්ට ලක් කළ පුද්ගලයන් 45 දෙනෙකුට එම වෛසරය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි යාපනය රෝහල නිවේදනය කළේ.
මේ අතර, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙරට කොරෝනා ව්යාප්තිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණය කරගෙන ඇති බවයි.
ඒ අනුව වෛරසය ව්යාප්ත වීමේ මූලාශ්ර පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.

Latest News
බෝරා ප්රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026