දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අද (03) දිනයේත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව වාර්තා වනවා.
එමෙන්ම, විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සහ ඖෂධ ලබා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රවාහනය ඇතුළු අවශ්‍ය පහසුකම් සලසන බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සියළු ඖෂධසැල් ද විවෘතයි.
යුද හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් යුද හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා තිබෙනවා.
මේ අතර, කොරෝනා ආසාදිතයින් සොයා ගැනීමත් සමඟ හුදෙකලා කෙරුණු අකුරණ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවශ්‍ය භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන්.
එමෙන්ම, බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශය ද තවදුරටත් හුදෙකලා කර පවතිනවා.
එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් කටුයුතු කරන බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමේෂා රත්නවීර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
බේරුවල - පන්නිල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ ඔවුන් හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 219 දෙනෙකු පුනානි නිරෝධායන කඳවුර වෙත යොමු කරනු ලැබුවා.
එම කොරෝනා රෝගීන් සමඟ සබදතා පැවැත්වූ 438 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 61 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර, උතුර පළාතට අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් රැගෙන එන අතර ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඒවා වෙනත් ලොරි රථවලට පටවා රැගෙන යන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් සෞභාග්‍යා ගෙවත්ත නමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ බීජ වර්ග 5කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් මෙන්ම එළවළු පැළ සහිත බඳුනක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.
මේ පිළිබඳ වැඩි විස්තර, බීජ සහ පැළ ඇණවුම් www.saubagya.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

Latest News
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026
ප්‍රාදේශීය සභා කැබ් රථයක ගැටී කාන්තාවක් මරුට
Local
24 August 2026
ගල්නෑවේ ඇල මාර්ගයක සිරවී සිටි දෙහැවිරිදි දරුවෙක් මරුට
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට
Local
24 August 2026
ශිරාන් බාසික්ගේ විදෙස් ව්‍යාපාර ගැන තොරතුරු රැසක් එළියට
Local
24 August 2026
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
‘බැකෝ සමන්’ ගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026