ඊයේ දිනය වනවිට මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් සියයට 83 ක ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9944,683ක්, එනම් කෝටියකට ආසන්න සංඛ්‍යාවක් ලෙසයි.
ඒ අනුව, ඉදිරි සති දෙකක කාලසීමාව තුල මෙම එන්නත්කරණ වැඩපිළිවෙල සියයට සියයේ ඉලක්කය පසුකරගෙන යනු ඇති බවයි රජය පවසන්නේ.
මෙරට ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන්නේ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා එන්නත්.
ඊයේ දිනයේදීත් පුද්ගලයින් 330,868 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.
ඒ දින දෙකක් තුල කොරෝනා එන්නත් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලබාදීමෙන් අනතුරුවයි.
ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 306,507 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,100ක්.
ඊට අමතරව, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2395 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පලමු මාත්‍රාව පුද්ගලයින් 1866 දෙනෙකුට ඊයේ ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
පසුගිය ජනවාරි මාසයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලබාදුන් පන් ලක්ෂයකට අධික පිරිසකට දෙවන මාත්‍රාව ලබාදීම පිලිබඳ පසුගිය මාසය තුල ඇතිව තිබුණේ දැඩි කතාබහක්.
ඉන්දියාවේ පැවති කොවිඩ් ව්‍යාප්තිය සමග ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනය පිලිබඳව උද්ගතව වූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් දෙවන මාත්‍රා ප්‍රමාණය සපයා ගැනීම ප්‍රමාද වුණා.
කෙසේ වෙතත්, කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පරිත්‍යාග කිරීමට එකඟ වූ අතර, ඒ අනුව, මාත්‍රා 728,460ක් ඊයේ දිනයේදී දිවයිනට ළගා වුණා.
අද දිනයේදී බස්නාහිර පළාතේ ස්ථාන 76කදී ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණා. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා එන්නත්කරණ කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙනවා.
අද දිනයේදී මුල් පැය තුලදී පමණක් එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ 2000 කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබුණා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ 20,000ක පමණ ජනකායක් විහාරමහා දේවි උද්‍යානය අවට එන්නත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.
කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ ඇසට්රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා ගැනීමට අනවශ්‍ය ලෙස කළබල නොවිය යුතු බවයි.
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තොග ලැබී ඇති හෙයින් ක්‍රමානුකූලව සියලුදෙනාටම ලැබෙන පරිදි එන්නත් ලබාදීම සිදුකරන බව අද පෙරවරුවේ විහාරමහා දේවි උද්‍යානය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
එමෙන්ම, ලොවපුරා එන්නත්කරණ විශේෂඥයන් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ සෑම පුද්ගලයෙකුම කොරෝනා එන්නත ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

Latest News
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026