ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.
මේ වනවිටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් අගුලු දමාගෙන තිබෙනවා.
මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇති බවයි.
මේ අතර මේ වනවිටත් සෑම දිනක ම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පැය 6ක නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මක වනවා.
මේ අතර කොරෝනා වෛසරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දැමිය යුතු බවට යි මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ද ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ.
මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මදස්සි නාහිමියන් නිවේදනයක් නිකුත් කරමිනු යි මෙම ඉල්ලීම කර ඇත්තේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ දී නිරෝධායන ඇදිරි නීතිය පනවා ජනතාවට සහන සලසමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙළට ප්රංශසා කරන බව ද මහනාහිමියන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රට වාසීන් ම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටිනවා.
ආසාදිත සංඛ්‍යාව මෙන් ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සදහන් කළේ.
මේ අතර අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන කරුණු 07කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂ යොමු කර තිබෙනවා.
අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ප්රජාතන්ත්රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබෙනවා.

Latest News
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි
Local
04 August 2026
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා නිමාවෙයි
Local
04 August 2026
පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට
Local
04 August 2026
''හදිසියේ ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු'' - දිනන දකුණ
Local
04 August 2026
රේගු බදු වංචාවකට ප්‍රසිද්ධ මෝටර් රථ ආනයන සමාගමක අධ්යක්ෂවරයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
04 August 2026
මිනිරන් කර්මාන්තය පුළුල් කිරීමට EDB අවධානය
Local
04 August 2026
මත්වෙලා එළවලා හමාරයි: මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක Metro බස් රථවලට
Local
04 August 2026