බණ්ඩාරගම - අටුලුගමින් අතුරුදන්වූ නව හැවිරිදි දැරියගේ සිරුර නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගෙන තිබෙනවා.
ඊයේ පෙරවරුවේ සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් කණ්ඩායම් කිහිපයක් දැරිය සෙවීම සඳහා එම ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ අතර අද පස්වරුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව දැරියගේ සිරුර නිවසට යාබද ප්‍රදේශයේ වගුරු බිමක තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ඊයේ පෙරවරුවේ සිට අතුරුදන් බවටයි ඇගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණේ.
අදාළ දැරිය ඊයේ පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් ඇති අතර යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදි, ඇය අතුරුදන්ව ඇති බවට හෙළි වී තිබෙනවා.
ඇය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.
මෙම දැරිය පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට ද පොලිසියට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් දැරිය සෙවීම සඳහා එම ප්‍රදේශයට ද පිටත්ව ගිය බවයි පොලිසිය සඳහන් කළේ.
එම සිද්ධියට අදාළව දැරියගේ මව, පියා, ඥාතීන් ඇතුලු පුද්ගලයින් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
දැරිය වෙළඳසැලින් පිටව යන අවස්ථාවේදී ඒ අසළ නවතා තිබූ වෑන් රථයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරුණා.
සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ ලබාගත් මෙම තොරතුරු පදනම්ව අදාළ වෑන් රථයේ අංකයෙන් එහි හිමිකරු පදිංචිව සිටින පිළියන්දල ප්‍රදේශයට ගොස් ඔහුගෙන්ද සිද්ධියට අදාළ ව ප්‍රකාශයක් ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් එම වෑන් රථය අසළ වෙළඳසැළකින් භාණ්ඩ මිල දී ගැනීමට පැමිණ ඇති බවයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

Latest News
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026