General16 June 2022

විදුලි කප්පාදුව දිගුවන ලකුණු

දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (17) සිට අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරිම ඊට හේතුව බවයි එම සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා ප්‍රකාශ කළේ.

ඒ අනුව පැය දෙකයි විනාඩි 15 ක කාලයක් දැනට සිදු කරන විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 40 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.
Related recommendation
Hiru TV News | Programmes