General09 December 2022

අවුරුදු 18 - 25 දක්වා අයට කොන්ඩම් නොමිලේ

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (08) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි 1 දා සිට එරට ෆාමසිවලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති මැක්‍රොන් තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ උත්සවයක දී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.

මැකෝන් පාලනය විසින් අදාල තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30% කින් පමණ වැඩි වීමත් සමග බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes