General02 January 2023

500, 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

ඉන්දීය මධ්‍යම රජය මඟින් රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබෙනවා.

2016 වසරේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළු සල්ලි භාවිතය වැළැක්වීමට සහ විද්‍යුත් මුදල් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තීරණය ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 58ක් ගොනුකෙරුණු අතර එහි තීන්දු ප්‍රකාශයට පත්කරමිනුයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීරණය අනුමත කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes