මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන අතර, එම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබඳ මාර්තු 3 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඡන්ද විමසීමට අදාළ මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් කථානායකවරයා වෙත කොමිෂන් සභාව වෙතින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීමටද තීරණය කළ බවයි.
අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාළ තීරණයට එළඹ ඇති බව සඳහන්. සාකච්ඡාවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා, එහි සාමාජිකයන් වන එම්. එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ ද එක්ව සිටියා.
මේ අතර මාර්තු 9 පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම සම්බන්ධව සහ එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව ගැසට් මගින් නිවේදනය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව එහි දක්වා ඇත්තේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාව මත නිකුත් කළ පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට් නිවේදන 17 ක් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාව එහි පැහැදිළි කර තිබෙනවා.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ඊට අදාළ පළාත්පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව පළාත්පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම, නාමයෝජනා භාරගැනීම සහ ඡන්ද විමසීම් දිනය ප්‍රකාශ කිරීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Latest News
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
Local
24 June 2026
ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට
Local
24 June 2026
"ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත" - නි. ඇමති නාමල්
Local
24 June 2026
පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
24 June 2026
පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය
Local
24 June 2026
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා යාපනයේදී අත්අඩංගුවට
Local
24 June 2026
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026