සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන ඊ - ටිකට්පත් බාහිර පාර්ශ්වයක් කූඨ ලෙස මිල දී ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම වැළැක්වීමට නිසි පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවද තවමත් එම ජාවාරම කිසිදු බාධාවකින් තොරව සිදු වනවා.
සාක්ෂි ද සහිතව හිරු ප්රවෘත්ති ඒ පිළිබඳව කරන තවත් අනාවරණයක් මේ.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ONLINE ක්රමවේදයට නිකුත් කරන ඊ - ටිකට්පත් සම්බන්ධයෙන් සිදුවන ජාවාරම යළි කරලියට ආ ආසන්නතම සිදුවීම වූයේ පසුගියදා තත්පර 42ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සියලු ඊ - ටිකට්පත් අලෙවී වී අවසන් වීමයි.
කෙසේවෙතත් එම ඊ - ටිකට්පත් පසුව වැඩි මුදලට අලෙවි වන ආකාරය හිරු ප්රවෘත්ති ඔස්සේ අනාවරණ කළේ සාක්ෂි ද සහිතවයි.
නමුත් අවාසනාවක තරම කියා පාමින් කිසිදු බාධාවකින් තොරව තවමත් අදාළ කූඨ ජාවාරම සිදුවනවා.
මේ, තත්පර 40කටත් අඩු කාලයක් තුළදී ඊ - ටිකට්පත් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් අතුරුදන් වන ආකාරයයි.
අද උදෑසන 10ට දුම්රිය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ඔන්ලයින් වෙන්කරගැනීම සඳහා පොඩි මැණිකේ දුම්රියේ ආසන 54ක් පැවති අතර නගරාන්තර ශීඝ්රගාමී දුම්රියේ ආසන 27 ක් හා උඩරට මැණිකේ දුම්රියේ ආසන 54ක් විවෘතව පැවතියා.
නමුත් අද උදෑසන 10ට පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියවල එම ආසන සියල්ල තත්පර 38ක් තුළ ජාවාරම්කරුවන් ලබාගත්තේ මෙලෙසින්.
සියලු තොරතුරු සාක්ෂි සහිතව අනාවරණය කර ඇති පසුබිමකත් තවමත් මෙම ජාවාරමට උඩගෙඩි දෙන්නේ කවුරුන්ද ?
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ඊ - ටිකට්පත් වෙබ් අඩවියට මුදා හරින දිනය සහ වේලාව ජාවාරම්කරුවන් අකුරටම දැනගන්නේ කෙසේද?
වගකිවයුතු බලධාරීන් ගන්නා ක්රියාමාර්ග ගැන හිරු ප්රවෘත්ති අවධානයෙන්.

Latest News
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026