චීන විදුලි වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන BYD සමාගම විසින් සිය විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉකුත් සිකුරාදා, BYD සමාගම නිවේදනය කළේ මෙම වට්ටම, එළඹෙන ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් එය බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ plug in hybrid මාදිලි 22ක් සඳහා 10 සිට 30%ක වඩා වට්ටමකට යටත් වන බවයි.
එම වට්ටම් ප්‍රධාන වශයෙන් යුවාන් 150,000ට (ඇමරිකානු ඩොලර් 20,820) අඩු මාදිලි සඳහා අදාළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම වට්ටම් සඳහා ඇතුළත් කර ඇති ඉහළම මිලැති මෝටර් රථ මාදිලිය Xia බහුකාර්ය වාහනය වූ අතර එයට 13%ක පමණ වට්ටමක් හිමිව තිබුණා.
ඒ අනුව එහි මිල සඳහන් වූයේ යුවාන් 200,000 ට වඩා ඉහළ මිලක්. මේ අතර නිදසුනක් ලෙස ගතහොත් අදාළ වට්ටම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු චීන වෙළඳපොළේ BYD seagull රථයක් මෙරට මුදලින් රුපියල් මිලියන 2.3ක් පමණ වන අතර BYD sealion 05 මෝටර් රථයක් රුපියල් මිලියන 2ක් පමණ වනු ඇති.
කෙසේ නමුත් මෙරටට මෙම මිල ගණන් අදාළ නොවන අතර මෙරට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය අනුව මෙම වාහනවල මිල මෙපමණ පහළ අගයක් ගනු ඇති බව සැක සහිතයි.
මෙම වට්ටම් ප්‍රකාශයට හේතු ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, BYD සමාගම සිය වාහන අලෙවිය මෙම වසර අවසානයේ දී මිලියන 5.5ක් දක්වා වර්ධනය කර ගැනීම බවයි.
එම අගය ඉකුත් වසර හා සැසඳීමේ දී BYD වාහන අලවිය මෙන් 30%ක වැඩි අගයකින් යුතු ඉලක්කයක්
Latest News
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026