2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළා.
ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කළා.
තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය ම් මෙම විත්තිකරුවන් තම දුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් බව දනිමින් මෙම වරද සිදුකර ඇති බව සඳහන් කළා.
මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නා.
එම නිසා මෙවැනි වැරදි සිදු සිදු කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
Latest News
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026