General22 September 2025

රත්තරන් කරල් සඟවා ගෙන ගුවනින් යාපනේට ආ කත රිමාන්ඩ්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලින් නිතී විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝවක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් ඊයේ (21) පස්වරුවේ මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව 41 හැවිරිදි කොළඹ 12 පදිංචි කාන්තාවක් බව රේගුව පවසනවා.

සැකකාරිය ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති අතර, ග්‍රෑම් 1,002.2 ක් බරැති රත්‍රන් කරල් දෙකක් සඟවා ගෙන සිටියදී සොයා ගත් බව ද රේගුව සඳහන් කරනවා.

සැකකාරිය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද ශ්‍රී ලංකා රේගුව පවසනවා.

Related recommendation
Hiru TV News | Programmes