මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණීයා.
ඒ අද පස්වරු 05.35ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ALK 116 දරණ ගුවන් යානයෙන්.
එහිදී ජනපතිවරයා පිළිගැනීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ගුවන්තොටුපොල පරිශ්‍රයට එක්ව සිටියා.
මෙම සංචාරය සඳහා මාලදිවයින් ජනපතිවරයා, ජනපති ආර්යාව සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.
මෙම සංචාරය අතරතුර දී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්වීපාර්ශවික සාකච්ජා පැවැත්වීමට ද නියමිතයි.
විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාව පුලුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කෙරෙනවා.
ඊට අමතරව මාලදිවයිනේ ජනාධිපතිවරයා කොළඹ විහාරමහාදේවී උද්‍යානය, ජාතික කෞතුකාගාරය, මාලදිවයිනේ තානාපති කාර්යාලය හා මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.
මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව, කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ අවට බොරැල්ල, පුස්තකාල හන්දිය, ගාලුපාර, ගාලුමුවදොර වටරවුම, ජනාධිපති මාවත ඇතුළු මාර්ග කිහිපයක අදාළ අවස්ථාවල එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Latest News
කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය අයෙක් රළ පහරට හසුව අතුරුදන්
Local
03 May 2026
පොලිස් අත්අඩංගුවේ සිටියදී පලායාමට තැත්කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි
Local
03 May 2026
කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී
Local
03 May 2026
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
Local
03 May 2026
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026
මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට
Local
03 May 2026
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026