අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
උඩවලව සෝම විහාරයේ විහාරාධිපති වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව එය නිශ්ප්‍රභ කිරීමටද කළා.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් ජනවාරි මස 10 වනදා මහාධිකරණ විනිසුරු රංග දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි.
මෙය පූර්ව සැලසුමක් සහිතව දේශපාලනික අරමුණකින් සිදු කළ පත් කිරීමක් යැයි චෝදනා කරන පෙත්සම්කරුවන් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විශ්වාසනීයත්වය හා ගෞරවය දැඩි ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් සඳහන් කළා.
ඒ අනුව නීතියට පටහැනි ලෙස සිදු කර තිබෙන මෙම පත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු රංග දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

Latest News
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 28 වැනි සැකකරු ලෙස නිතිඥ තමරා කුමාරි නමැත්තිය නම් කරයි
Local
05 May 2026
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026