කොළඹ ප්‍රධාන පාසලක දරුවන් තිදෙනෙකු ,විද්‍යාලයේ ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය සෙනසුරාදා (04) වනදා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර අපයෝජනයට ලක්වූ දරුවන් වෛද්‍යවරයකු වෙත යොමුකිරීම පවා සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම අදාල ආරක්ෂක ආයතනය පිළිබඳව මෙන්ම මෙම අපයෝජනය සිදු කළ පාපතරයා සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ගුරුවරුන් දෙපළක් මේ සම්බන්ධයෙන් දැනුම් දුන් විට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බවත් මේ ගැන පැමිණිලි සිදු කිරීමට ගිය විට දරුවන් උසාවි ගෙනයාමට සිදුවනු ඇති බවත් , වසර ගණනාවක් නඩු ගෙනයාමට සිදුවිය හැකි බවට ප්‍රකාශ කරමින් දෙමාපියන් බිය වද්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
අදාල සිදුවීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් වන තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද විපක්ෂනායකවරයා පැවසුවා.
මේ සිදුවීමට විරෝධය පළකරමින් පාසල ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවා.
එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් අගතියට පත් දරුවන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මෙම සංවේදී කාරණාව ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
එමෙන්ම මෙවැනි ක්‍රියාවක නිරත වූ පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කිසිදු බලපෑමකට යටත් නොවී කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසුවා.
මීට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි.
ඒ පිළිබඳව දැනටමත් අදාල අංශ විසින් අවධානය යොමු කර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙවැනි සිදුවීම් සුළුවෙන් තකන්නේ නොමැති බවත් ආයතන සහ අමාත්‍යාංශ කිහිපයක්ම මේ ගැන දැඩි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙවැනි සිද්ධි ජනමාධ්‍යයෙන් වාර්තා කිරීමේදී වින්දිතයින්ට අගතියක් නොවන ආකාරයට වාර්තා කරන ලෙස තමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා වැරදුරටත් ප්‍රකාශ කළා.

Latest News
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026
ඕන සහතිකයක් ගන්න ඉඹුල්ගොඩට එන්න : ගම්පහ බුද්ධි කොට්ඨාසය කොටු කරගත් ජාවාරම
Local
20 September 2026
පස් කන්දක් කඩා වැටී හැටන් - බලංගොඩ මාර්ගය අවහිර වෙයි
Local
20 September 2026
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Local
20 September 2026
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026
ගත වූ පැය විසි හතරේ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට
Local
20 September 2026
ලන්ච්ෂීට් සහ සිලි බෑග් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ වැටලීමක්
Local
20 September 2026