තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි ලෙස ලබා දුන් ඇතින්නන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීම සඳහා තායි රජය ඔක්තෝබර් 28 වැනි දින ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වනවා.
ප්ලායි ප්‍රාතු පා සහ ප්ලායි ශ්‍රීනාරොං නම් වන එම ඇතින්නන් දෙදෙනා නැවත ඉල්ලා සිටීම වෙනුවෙන් තායි නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් වහාම ශ්‍රී ලංකාවට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ඇතින්නන් මුලින් තායිලන්තයෙන් තෑගි ලෙස ලබා දුන් අයයි.
'Reclaim Thai Elephant' කණ්ඩායම විසින් මෙම ඇතින්නට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා නැවත ගෙන්වා ගන්නා ලෙස රජයට නිල ලිපියක් ඉදිරිපත් කිරීමත් සමඟ මෙම පියවර ගැනීමට හේතුවී ඇති බව තායිගර් මාධ්‍ය වාර්තාව පවසනවා.
නියෝජ්‍ය අගමැති සුචාර්ට් පවසා ඇත්තේ, අගමැති අනුතින් චාන්විරකුල් සහ අනෙකුත් තායි රජයේ ආයතන තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, මෙම ගැටලුව නොසලකා හැර නැති බවයි.
අගමැතිවරයා, ඇතින්නන් නැවත ගෙන්වා ගැනීම සඳහා සියලුම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට අනුමැතිය ලබා දී තිබෙන බව ද සඳහන්.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගත විය හැකි බව සුචාර්ට් සඳහන් කරනවා.
මේ අතර, සුචාර්ට්, නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් සමඟ, ඇතින්නන්ගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතරතුර නිසි රැකවරණයක් ලබා දෙන ලෙස දේශීය භාරකරුවන්ට උපදෙස් දීම ද මෙම කණ්ඩායමේ අරමුණයි.
ජාතික වනෝද්‍යාන, වනජීවී සහ ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අත්තාපෝන් චාරොන්චන්සා ද මෙම ගමනට එක්වන බව තහවුරු කර තිබෙනවා.
සාකච්ඡා සාර්ථක වුවහොත්, මීට පෙර ශ්‍රී ලංකාවට තෑගි කළ තවත් ඇතෙකු වූ ප්ලායි සක් සුරින් 2023 දී නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේදී භාවිතා කළ ආකෘතියම අනුගමනය කිරීමට නිලධාරීන් සැලසුම් කරනවා.

Latest News
බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවරට සුළු ගංවතුර අවදානමක්
Local
25 October 2025
එංගලන්තයේ යෝක්ෂයර් 13න් පහළ ක්‍රිකට් පිල මෙරටට
Local
25 October 2025
අමෙරිකානුවන්ට තම රටේ වාහනවත් ගන්න බැරිවෙලා
Local
25 October 2025
දැරියකට හදිකොට මරා දැමූ කාන්තාවට ප්‍රංශයේ ලොකුම දඬුවම
Local
25 October 2025
පොලිස් කතක් ලෝකයට පෙන්වූ සැබෑ ලාංකිකත්වය
Local
25 October 2025
එරිත්‍රියාවේ රඳවා සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 6 දෙනෙකු දිවයිනට
Local
25 October 2025
දරුවන්ගේ ඇස් අන්ධ කරන මාරාන්තික සෝෂල් මීඩියා චැලේන්ජ් එකක්
Local
25 October 2025
මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇඳුම්වලින් රාජකාරී කිරීමට අවසර
Local
25 October 2025
BYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නෑ - BYD සමාගම
Local
25 October 2025
කළු, කැළණි සහ අත්තනගලු ඔය ගැන විමසිල්ලෙන් ඉන්නැයි ජනතාවට උපදෙස්
Local
25 October 2025