General25 October 2025

කළු ගඟේ ජල මට්ටම ඉහළට

කළු ගඟේ ජල මට්ටම රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බැවින් විමසිලිමත්වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයේ බලපෑම් හේතුවෙන් කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම කොළඹ, ගාල්ල, කලු‍තර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes