ප්‍රවීණ ගත්කතුවරියක වන සෝමා ජයකොඩි අද (27) සිය දිවි සැරිය නිමා කළා. ඇය මිය යන විට 76 වැනි වියේ පසුවුවා.
අවුරුදු 13 දී බැති කුසුම් සඟරාවේ හාපුරා කියා කවි පන්තියක් පළවීමෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ සෝමා ජයකොඩි ලේඛිකාව රන්ගිර, මදාරා, කර්නල්ගේ බිරින්දෑවරු 1,2, බලවත්තු සහ බවලත්තු, කැඟරුවෝ අප්පච්චි, ලා දළු බෝපත්, නික්මයාම ඇතුළු නවකතා රාශියක් රසිකයින් අතරට පත් කර තිබේ.
නවෝදාට මුතු ඇටයක් ඇගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය වන අතර ගුවන් විදුලි නාට්‍ය රචිකාවක් ලෙසද ඇය ජනාදරයට පත්වී තිබේ.
දරුවන් සඳහා ළමා පොත් විශාල ප්‍රමාණයක් රචනා කර ඇති සෝමා ජයකොඩි ලේඛිකාව ඇගේ බණ්ඩාරගම මැදගම පිහිටි දෙමහල් නිවෙස සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත 2019 වසරේදී ලබාදීමට තරම් පරිත්‍යාගශීලී වූවාය. එහි ඇගේ පරිවර්තන කෘති 350 ක ප්‍රමාණයක් ඇතුළුව තුන්දහසකට ආසන්න පොත් ප්‍රමාණයක් පාඨක අයිතියට පත්කර තිබේ.
ජනප්‍රසාදනී සම්මානය, වනිතා සම්මානය, නවලිය සම්මානය ඇතුළු සම්මාන වලින් පිදුම් ලබා ඇති සෝමා ජයකොඩි ලේඛිකාව 1947 වසරේදී යටියන්තොට මහබාගේ වත්ත ග්‍රාමයේ ඉපිද පුවක්පිටිය දකුණ පල්ලිය පාසල, පුවක්පිටිය උතුර මහා විද්‍යාලය හා නුවරඑළිය කඳපොළ මහින්ද විද්‍යාලය යන විදුහල් වලින් අධ්‍යාපනය ලබා විකුණුම් ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.
ජාතික අධ්‍යාපන ආයතනයේ පෙර පාසල් ගුරුවරියක ලෙසද රැකියාව කර ඇති සෝමා ජයකොඩි ලේඛිකාව පොතපත ඇසුරු කරමින් ලේඛන කලාවට මුල් තැන දෙමින් කටයුතු කර තිබේ.
Latest News
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්