අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි - ලෝක බැංකු නියෝජිතයින් පවසයි.
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළා.
ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුන් පැවසුවා.
මේ පිළිබඳ අදහස් පළවුයේ "අස්වැසුම වැඩසටහන" පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා ලෝක බැංකුවේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) හා ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන ඇතුළු පිරිසක්ද සහභාගී වූණා.
මෙහිදී කරුණු දක්වමින් ලෝක බැංකු නියෝජිත පිරිස සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බව පැවැසුවා.
සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බවත් එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළා.
එමෙන්ම මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවත් ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයද ඔවුහු තවදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූවා
. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීමටත්, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් අදාළ ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීම තුළින් මෙහි පවතින විනිවිදභාවය තහවුරු කර හැකි බව මන්ත්‍රීවරයන් අදහස් දක්වමින් පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් " අස්වැසුම " ක්‍රියාත්මක කරන නිලධාරීන් ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්වරුන්ට මෙම වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මත යම් බාධාවන් මතුව තිබු බවත් වර්තමානය වන විට ඔවුන්ගේ භූමිකව පිළිබඳව නිසි ලෙස දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ඔවුන්ගෙන් ලබාගන්නා බවත් පැවසුවා.
මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Latest News
නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරුව ඉහළට : ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට
Local
21 September 2026
දඹුල්ල - සීගිරිය කේන්ද්‍ර කරගනිමින් තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹේ
Local
21 September 2026
චීන ජනපති ෂී ජින්පින් අමෙරිකාවේ නිල සංචාරයක
Local
21 September 2026
ගිං ගඟ සහ කළු ගඟේ කුඩා ගඟ අවට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ වෙයි
Local
21 September 2026
කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු තවමත් අවදානම්
Local
21 September 2026
අවුරුදු 132ක් ප්‍රමාද වූ සඟරාවක් නැවත ලැබුණු අමෙරිකා පුස්තකාලය
Local
21 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් නම් කරයි
Local
21 September 2026
මෙරට ඉදිකළ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව රත්මලානට
Local
21 September 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිවත් සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
21 September 2026
මන්නාරම උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් දෙදෙනෙක් නාවික හමුදාවෙන් මුදා ගනියි
Local
21 September 2026