නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කොළඹ දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අද (29) පෙ.ව. 10.26 ට පමණ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළඳසලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
ලද තොරතුරු මත, සිදු කරන ලද වැටලීමකට අනුව, මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට
Local
24 September 2026
'OpenAI' කෘතිම බුද්ධි නියෝජිතයෙකු ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියකට 'අනවසරයෙන් ඇතුළු වී ඇති' බව අගමැති පවසයි
Local
24 September 2026
ඉරාන යුද්ධය අතරතුර තවත් අමෙරිකානු හමුදා සාමාජිකාවක් මරුට
Local
24 September 2026
ප්‍රදේශ රැසකට අදත් මි. මී 100ට වැඩි තද වැසි
Local
24 September 2026
කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මියයයි - තවත් අයෙකු අතුරුදන්
Local
24 September 2026
එංගලන්තය සමග දෙවන එක්දින තරගය අද - මන්දගාමී පන්දු යැවීම නිසා පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලට දඩ
Local
24 September 2026
හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමති පිරිසක් අමෙරිකාවේදී රාජ්‍ය මූල්‍ය හා පාලනය ගැන අධ්‍යයනයක
Local
24 September 2026
මොරටුව සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්
Local
24 September 2026
Metaහි නව AI යෙදුම ChatGPT පරදවයි
Local
24 September 2026
අතුරුදන් වූ කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා ගිහින්
Local
24 September 2026