General29 October 2025

රුපියල් 10,000ක් අල්ලස් ගත් අධිකරණ කා.කා.ස. දැලේ

නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කොළඹ දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අද (29) පෙ.ව. 10.26 ට පමණ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළඳසලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ‍ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

ලද තොරතුරු මත, සිදු කරන ලද වැටලීමකට අනුව, මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.  

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related Recommends
Hiru TV News | Programmes