අත්ලාන්තික් සාගරයේ කුණාටු ඉතිහාසය පුරාවට ඇතිවූ බලවත්ම කුණාටු අතරින් එකක් ලෙස සැලකෙන මෙලිසා සුළි කුණාටුව, ජැමෙයිකාවට හානි කිරීමෙන් පසු කියුබාවට කඩා වැදී තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.
මෙම සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත්වල දැවැන්ත විනාශයක් ඇති වී ඇති අතර, සංචාරකයින් 25,000ක් පමණ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
මෙලිසා සුළි කුණාටුව, 2005 දී ඩොලර් බිලියන 125ක පමණ හානියක් සිදු කරමින් පුද්ගලයන් 1,392කට මරු කැඳවූ කැට්රිනා සුළි කුණාටුවේ තීව්‍රතාවය පවා අභිබවා ගොස් තිබෙනවා.
ජැමෙයිකාවම ව්‍යසන කලාපයක්
මෙලිසා සුළි කුණාටුව පස්වැනි මට්ටමේ කුණාටුවක් ලෙස ජැමෙයිකාවට පැමිණියා.
ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හෝල්නස් විසින් දිවයින ‘ව්‍යසන කලාපයක්’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ පුරවැසියන් ආහාර, ජලය සහ සැපයුම් සුරක්ෂිත කර ගන්නා අවස්ථාවක ඕනෑම සූරාකෑමක් වැළැක්වීම සඳහා බවයි පැවසෙන්නේ.
කුණාටුව ජැමෙයිකාවේ නිරිතදිග ප්‍රදේශයට බලපෑම් එල්ල කළ අතර, පුද්ගලයන් හත් දෙනෙකු මිය ගියා.
බලධාරීන් පැවසුවේ පුද්ගලයන් 530,000ක් පමණ විදුලිය නොමැතිව සිටින බවයි.
ජැමෙයිකානුවන් 15,000ක් පමණ නවාතැන්පොළවල රැඳී සිටිනවා.
ජැමෙයිකාවේ මොන්ටෙගෝ බේ හි පිහිටි සැන්ග්ස්ටර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාමරයක වහලක් කඩා වැටී ඇති අතර, ආසන යටින් ජලය ගලා ගොස් ඇති බවට වීඩියෝ දර්ශන පෙන්වාදෙනවා.
අමාත්‍යවරුන් අනතුරු අඟවා තිබුණේ සැන්ග්ස්ටර් ගුවන්තොටුපළට අවහිරතා ඇති කළ හැකි බලපෑමක් ඇතිවිය හැකි බවත්, අනපේක්ෂිත සැලසුම් සඳහා ඉයන් ෆ්ලෙමින් ගුවන්තොටුපළ භාවිතා කිරීමට සිදුවිය හැකි බවයි.
මෙලීසා කියුබාවට කඩාවැදීම
මෙලිසා සුළි කුණාටුව බදාදා දින තුන්වැනි මට්ටමේ කුණාටුවක් ලෙස නැගෙනහිර කියුබාවට සහ සැන්ටියාගෝ ඩි කියුබා පළාතට කඩා වැදී තිබෙනවා. කෙසේ වෙතත්, එය තවමත් අතිශයින් භයානක සුළි කුණාටුවක් ලෙසයි සැලකෙන්නේ.
එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව, බදාදා අලුයම වන විට මෙලිසා කුණාටුවේ ඉහළම සුළං වේගය පැයට සැතපුම් 120 ක් වූ අතර එය ඊසාන දෙසින් පැයට සැතපුම් 10 ක වේගයකින් ගමන් කරමින් තිබුණා.
කියුබානු බලධාරීන් මෙතෙක් 735,000ක් පමණ ජනතාව ඉවත් කර තිබෙනවා.
ග්‍රාන්මා, සැන්ටියාගෝ ඩි කියුබා, ගුවැන්ටනාමෝ, හෝල්ගුයින් සහ ලාස් ටුනාස් යන පළාත් සඳහා සුළි කුණාටු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, “කියුබාවට මේක ඉතා දුෂ්කර රාත්‍රියක් වේවි. නමුත් අපි යථා තත්ත්වයට පත් වෙනවා නියතයි” යනුවෙන්.
කියුබානු ජාතිකයන් හැකි උපරිමයෙන් ආහාර, ඉටිපන්දම් සහ බැටරි තොග රැස්කරගෙන ඇති බව වාර්තාවල දැක්වෙනවා.
අනතුරු ඇඟවීම් ඉදිරියටත්
මෙම සුළි කුණාටුව බදාදා උදෑසන කියුබාව හරහා ගමන් කර පසුව බහමාස් දූපත් වෙත ගමන් කිරීමට නියමිතයි.
අමෙරිකානු කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, මෙම අඛණ්ඩ දැඩි වර්ෂාව හේතුවෙන් ජීවිතයට තර්ජනයක් වන ගංවතුර සහ බොහෝ නායයෑම් ඇතිවිය හැකි බවයි.
Latest News
චීන උප අගමැති ඇතුළු දූත පිරිසක් ඇමරිකාවට
රියාද් හි ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක්
පරිගණකයක් තියෙන්නේ ගෙවල් 5කින් එකකයි ඩිජිටල් සාක්ෂරතාව ගැන හෙළිදරව්වක්
ලස්සන වෙනුවෙන් විස විකුණූ පිටකොටුවේ රූපලාවණ්‍ය ජාවාරම පාරිභෝගික අධිකාරියෙන් වටලයි
රටේ ආර්ථිකයට තවත් පිම්මක් – GDP වර්ධනය 4.2%යි
බඩල්ගමදී මා ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරු සොයා ගැනේ
“අත්තම” දෙවන අදියර ග්‍රාම නිලධාරී වසම් සියල්ලම ආවරණය කෙරේ
ආරක්ෂිතව ගෙදර යන්න ගිය තරුණියට අත්වූ ඉරණම: Uber සමාගමට ඩොලර් මිලියන 40ක දඩයක්
සහරාන්ව කවදාවත් දැකලත් නෑ, කතා කරලත් නෑ.. සම්බන්ධයකුත් නෑ.. රිෂාඩ් බදියුදීන්
බඩල්ගම දී මා ඔයේ දිය නෑ 4ක් අතුරුදන්