General13 November 2025

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (13) වරෙන්තු නිකුත් කළා.

ඒ, මෙම සිද්ධියට අදාල නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන මෙම විමර්ශනයට අදාළව වන විමර්ශනයේදී ‍ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් වුණා.
Related recommendation
Hiru TV News | Programmes