International16 November 2025

මෙක්සිකෝවේ විරෝධතා

මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා විරෝධතා පෙළපාළි ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෙන් සී පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි.

එම විරෝධතා සඳහා විවිධ වයස්වල පසුවන්නන් සහභාගී වී ඇති අතර ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන මාළිගාව වටා ඇති වැටවල් කඩා දමමින් එය ඇතුලට ගොස් සිය විරෝධතා දක්වා තිබෙනවා.

එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ කැරළි මර්දන කන්ඩායම යොදවා ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද නිර්මාණය වී ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes