General16 November 2025

සන්නද්ධ හමුදා අනුස්මරණ සැමරුම් උත්සවය අද(16)

සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය අගමැතිනිය ප්‍රධානත්වයෙන් අද(16) පැවැත්වුණා.

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් එම උත්සවය පැවැත්වුණා.

මෙම වැඩසටහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්, විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා.

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් පිරිස ස්මාරකට පුෂ්ප උපහාර දැක්වුවා.
Related recommendation
Hiru TV News | Programmes