ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි දැවැන්ත Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් OpenAI, X (පෙර Twitter), Canva, Calude සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම බිඳ වැටීම, දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීම් සහ යළි මාර්ගගත කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් සිදුවූ තත්ත්වයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම බිඳවැටීමත් සමඟ අන්තර්ජාලය ප්‍රධාන සැපයුම් සමාගම් කිහිප දෙනෙකු මත රඳා පවතින ආකාරය ඉස්මතු කරනවා.
Downdetector විසින් වාර්තා කළ පරිදි, පරිශීලකයින්ගෙන් 75% ක් සේවාදායක සම්බන්ධතා අසාර්ථකවීම් ගැන පැමිණිලි කර තිබෙනවා.
එමෙන්ම 18% කට වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමේ ගැටලු තිබූ අතර 7% කට ගොනු වෙත ප්‍රවේශ වීමේ ගැටලු ඇති වී තිබුණා.
ගෝලීය වශයෙන් මෙම බිඳ වැටීම වාර්තා වූ අතර, අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වනවා.
උතුරු ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ලතින් ඇමරිකාව හරහා බහු දත්ත මධ්‍යස්ථාන සැලසුම් කරන ලද නඩත්තු කටයුතු සහ මාර්ග නැවත යොමු කිරීමේ ගැටලු හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබෙනවා.
Cloudflare යනු අන්තර්ජාලය හා සම්බන්ධ වන සියලු අන්තර්ගත බෙදාහැරීම, ආරක්ෂා කිරීම සහ දත්ත මධ්‍යස්ථාන සම්බන්ධ කිරීමේදී අන්තර්ජාලයේ ප්‍රධාන කොඳු නාරටිය මෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නක්.
එය ලොව විශාලතම බෙදා හරින ලද DNS සහ අන්තර්ගත බෙදා හැරීමේ ජාලයන්ගෙන් එකක්.
වෙබ් අඩවි ගමනාගමන අධි භාරයන්ගෙන් සහ සයිබර් ප්‍රහාරවලින් එය ආරක්ෂා කරනු ලබනවා.
Cloudflare විසින් ව්‍යාපාර දහස් ගණනකට DNS, CDN, සහ DDoS ආරක්ෂාව සපයන බැවින්, මෙම බිඳ වැටීමට ‘කැස්කේඩින් ආචරණයක්’ (cascading effect) තිබුණා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් Cloudflare විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන්.
“Cloudflare විසින් බහු පාරිභෝගිකයින්ට බලපාන ගැටලුවක් පිළිබඳව දැනුවත්ව සිටින අතර එය විමර්ශනය කරමින් සිටී. පුළුල් 500 දෝෂ (Widespread 500 errors), Cloudflare Dashboard සහ API ද අසාර්ථක වෙමින් පවතිනවා. අපි සම්පූර්ණ බලපෑම තේරුම් ගැනීමට සහ මෙම ගැටලුව සමනය කිරීමට කටයුතු කරමින් සිටිනවා”.
ඔවුන් තවදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ සහාය ද්වාර සැපයුම්කරු දැනට ගැටලුවලට මුහුණ දී සිටින බවත්, නමුත් පාරිභෝගිකයින්ට තවමත් සජීවී හෝ හදිසි දුරකථන මාර්ග හරහා සම්බන්ධ විය හැකි බවයි.
මෙම පරිමාණයේ බිඳ වැටීම් මඟින්, අන්තර්ජාලයේ යටිතල පහසුකම් සඳහා අතලොස්සක් වූ සැපයුම්කරුවන් මත ඇති දැඩි යැපීම අවධාරණය කරනවා.
Latest News
ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය හා ඥාතීන් පැහැරගත් බවට පුත් කාසිම්ගෙන් චෝදනා
Local
21 September 2026
වරෙන්තු නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි
Local
21 September 2026
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
Local
21 September 2026
කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනය හමුවේ චීනයේ තරුණ පරපුරේ රැකියා අවදානමක
Local
21 September 2026
අනෝජන්ගේ ඥාතීන් අද සෞදි තානාපති කාර්යාලයට
Local
21 September 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති මණ්ඩලය අතර ගිවිසුමක්
Local
21 September 2026
හමුදා සංකීර්ණයක් ලෙස වොෂින්ටන් ආරුක්කුව භාවිත කිරීමට ජනපති ට්‍රම්ප්ගේ අවධානය
Local
21 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට
Local
21 September 2026
පාස්කු නඩුවේ තීන්දුව හෙට
Local
21 September 2026
ගතවූ පැය 10 තුළ වැඩිම වැස්ස කෑගල්ල මාලිබොඩට
Local
21 September 2026