මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටියදී පලා ගිය තවත් ප්‍රධාන සැකකරුවෙකු අද (23) වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 38ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී, මෙම සැකකරු, ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට පැමිණි වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයා බවට හඳුනාගෙන තිබෙනවා.
වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති එම්. පී. ජී. නන්දසිරි ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම සැකකරු වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 6ක්, අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ ගිනි අවියක මැගසින් එකක්, ටී 56 උණ්ඩ 14ක්, සොයා ගැනීමට පොලිසිය හැකි වී තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් තිබියදී, ඒ පිළිබඳ ලැබුණු තොරතුරක් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු නිලධාරී කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම අවස්ථාවේදී ටී 56 ගිනි අවියක් සමග යුද හමුදාවේ හිටපු සෙබලෙකු අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් දෙදෙනෙකු පලා යනු ලැබුවා.
අද අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස පලා ගිය එක් සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හෙට (24) දින මාතර අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව වැලිගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
Local
17 September 2026
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
Local
17 September 2026
ජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්
Local
17 September 2026
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026