විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.එම්.එම්.හිල්මි නමැත්තා ලබන (09) දක්වා රක්ෂිත බන්ධනාගාරත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට ලංසු කැඳවීමේදී ජේ.එස්.එෆ් හෝල්ඩින් නමැති ආයතනයක් තෝරා ගැනීම සඳහා වාසි වන ආකාරයට වාර්තාවක් සකස් කරන ලෙස එම කාර්යාංශයේ හිටපු පරිපාලන හා මානව සම්පත් නිලධාරීවරයාට බලපෑම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුව ලබා දීම වෙනුවෙන් තම ආයතනය තෝරා ගැනීමට ජේ.එස්.එෆ්. හෝල්ඩින් නමැති ආයතනයේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම් වන ශාන් යහම්පත් නමැත්තාට රුපියල් පනස් තුන් ලක්ෂ එක් දහස් දෙසීයක මුදලක් ලබා දී ඇති බවත් එම මුදලින් රුපියල් ලක්ෂ 43ක් ඔහුගේ පුද්ගලික පරිහරණයට ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
ශාන් යහම්පත් නමැත්තා මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට අප මත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පොදු දේපළ පනත යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
Latest News
අකුණක් රැගෙන ගිය මල් කැකුළක්
Local
21 September 2026
කළු ජාතික සේවකයන්ට වෙනස්කම් කළ බවට Tesla සමාගමට නඩුව පත්තු වෙයි
Local
21 September 2026
අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්
Local
21 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට – සාධාරණය ඉල්ලා කටුවපිටියේ සාමකාමී විරෝධතාවයක්
Local
21 September 2026
අවසර නැතුව වෙඩින් වල සිංදු කිව්වොත් වැඩ වරදියි : බලපත්‍රයක් අනිවාර්යයි
Local
21 September 2026
චීනය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පැළ 14ක් වගා කරයි
Local
21 September 2026
90%ක ඡන්ද ගණන් කර අවසන් - රුසියාවේ බලය තවදුරටත් පුටින්ගේ පක්ෂයට
Local
21 September 2026
සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන්ගේ දෙමාපියෝ ජනපති හමුවෙති
Local
21 September 2026
''උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නෑ'' දකුණු ආසියාවේ තරුණ රැකියා අර්බුදය ගැන IMF අනතුරු අඟවයි
Local
21 September 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට
Local
21 September 2026