General25 November 2025

ලෝක කුසලාන තරග කාලසටහන එළිදක්වයි

2026 පෙබරවාරි 7 වන දින ආරම්භ වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන තරග කාලසටහන නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව ද ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු තරගය පෙබරවාරි 08 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.

ඒ අනුව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ ක්‍රිඩාංගන 5ක සහ ශ්‍රි ලංකාවේ ක්‍රිඩාංගන 3ක පවත්වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළදී පැවැත්වෙන තරග පල්ලෙකැලේ, ආර්. ප්‍රේමදාස සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes