මත්කුඩු සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා ලබන දෙසැම්බර් මස 12 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දින නියෝග කර තිබෙනවා.
තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ, සැකකාර විදුහල්පතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර විදුහල්පතිවරයා පසුගිය නොවැම්බර් මස 5 වන දින අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල, කටියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, සැකකරු විසින් එප්පාවල - ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 1 යි ග්‍රෑම් 185 යි මිලි ග්‍රෑම් 400 ක්.
අනතුරුව විදුහල්පතිවරයා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු නොවැම්බර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
අද දින සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මහේස්ත්‍රාත්වරිය විසින් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත නියෝග කරනු ලැබුවේ සැකකරුගේ දුරකථන දත්ත වාර්තාවක් සහ මත්කුඩු යැයි සැක කරන සාම්පල් රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර, එහි වාර්තාවක්ද දෙසැම්බර් 12 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
තවදුරටත් නියෝග කරමින් මහේස්ත්‍රාත්වරිය, දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, විදුහල්පතිවරයාගේ පුතා ද මෙම නඩුවට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

Latest News
අමෙරිකානු ෆෙඩරල් සංචිතය 2023න් පසු පළමු වරට පොලී අනුපාත ඉහළ දමයි
Local
17 September 2026
15 වැනි IMF - ජපාන බදු සමුළුවට නි.ඇමති නිශාන්ත ජයවීර ජපානයට යයි
Local
16 September 2026
මට්ටක්කුලියේ රිය අනතුරෙන් මරණ 03 දක්වා ඉහළට – 12ක් රෝහලේ
Local
16 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්: දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට
Local
16 September 2026
රථ තුනක් ගැටී මට්ටක්කුලිය සලිත කළ මාරක අනතුර දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය
Local
16 September 2026
ගෞතම් අදානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ෂෑං යිමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
Local
16 September 2026
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
Local
16 September 2026
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
Local
16 September 2026