General27 November 2025

මනම්පිටිය ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමේ

මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ඒ අයහපත් කාලගුණය හේතුවෙන්.

මේ අතර, මහඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධික ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මහඔය ද්‍රෝණියේ පිහිටි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ගංවතුර තත්ත්වය බලපා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes