රටම ආපදාවට ලක්කරමින් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මියගිය ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අතුරුදන් සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආරක්ෂිත මධ්‍යස්ථාන 798ක් පිහිටුවා එහි පවුල් 27,494ක් පුද්ගලයන් 100,898ක් රඳවා සහන සලසන බවයි.
වැඩිම මරණ වන 52 බැගින් වාර්තා වී ඇත්තේ මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින්.
ඉන්පසුව වැඩිම මරණ 12ක් මාතලෙන් වාර්තා වී තිබෙනවා.
වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 105ක්.
42නෙක් බදුල්ලෙන් සහ තවත් 24නෙක් කෑගල්ලෙන් අතුරුදන් වී සිටිනවා.
පවුල් 217,263කට අයත් 774,724 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය තහවුරු කරනවා.
දිට්වා සුළිකුණාටුව මේ වනවිට මෙරට භූමියෙන් පිටව ගොස් ඇතත් හෙට දිනයේදීත් එහි බලපෑමෙන් තවදුරටත් වැසි පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙවර පීඩාවට පත්ව ඇත්තේ මුළු මහත් රට පුරා සියලුම දිස්ත්‍රික්වල ජනතාවයි.
Latest News
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට