General30 November 2025

අද දවසේ කාලගුණය: වැස්ස අඩු වෙයි

"දිට්වා" සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබෙන බව කාලගුණය විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් මස 30) සිට අපේක්ෂා කෙරෙන බ්වත් සඳහන්.

උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes