ශ්‍රීපාද වන්දනා සමය හෙටින් (04) ඇරඹෙයි. ඒ අනුව උදුවප් පෝයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය ලබන 2026 වසරේ වෙසක් පොහොයෙන් අවසන් වෙයි.
අනාදිමත් කලෙක සිට සිදු කෙරෙන ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිමේ මෙවර චාරිත්‍ර ද එලෙසම සිදු කරම්න් ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කිරිම සඳහා සමන් දේව ප්‍රතිමා අද (03) පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රිපාද වන්දනා මාර්ග හතරක් ඔස්සේ ශ්රිපාදස්ථානයට වැඩම කරවන බව ශ්රිපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවා.
පැල්මඩුල්ල සිට හැටන් නල්ලතන්නිය දක්වා එක් පෙරහරක්ද, කුරුවිට මාර්ගයේ තවත් පලාබද්දල රජ මාවත ඔස්සේ තවත් පෙරහරකින්ද, බළන්ගොඩ බගවන්තලාව හරහා තවත් රථ පෙරහරකින්ද සමන් දේව ප්රතිපාතය වැඩම කරවීම සිදු කෙරයි.
එම අසිරිමත් පෙරහරට පූජෝපහාර දක්වමින්, මග දෙපස රැස්ව සිටින දස දහස් සංඛ්‍යාත පිරිසක් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට සුදානම්ව සිටිනවා.
මාර්ග හතරක් ඔස්සේ සිදු කෙරෙන මේ සුවිශේෂී පෙරහර ලංකාවේ දිගම ආගමික පෙරහර ද වේ.
ස්වභාවික විපත් නිසා රට මුහුණ දි සිටින දුෂ්කර තත්වයෙන් ඉක්මනින් ගලවා ගන්නා ලෙස ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙවර වන්දනාවාරයේ සියලු වත් පිළිවෙත් පෙර පරිදිම ඉටු කරන බව ශ්රිපාදස්ථානාධිපති නාහිමියන් පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිරී ගියද පසුගියදා ඇතිවු ස්වභාවික ව්පත් නිසා ශ්රිපාදස්ථානයට කිසිදු හානියක් සිදුව නැති බවත් සමනළ කන්ද නිරුපද්‍රිත බවත් උන්වහන්සේ සඳහන් කළා.
Latest News
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
Local
19 September 2026
රත්තරන් නගින නගින ගානට - රන් පවුමත් අහස උසට
Local
19 September 2026
සෞදි අරාබියේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉවත් කරයි
Local
19 September 2026
දඹුල්ල පාසලේ විදුහල්පතිවරයා බිලිගත් අනතුරේ බස් රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව හෙළිවෙයි
Local
19 September 2026
සම්පූර්ණයෙන්ම හිස් කළ රජරට හදවත නැවත ගැබ්බර වෙයි
Local
19 September 2026
කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙකුට තුවාල!
Local
19 September 2026
නව වල් බළල් විශේෂයක් බොලිවියාවේ වනාන්තරයකින් මතුවෙයි
Local
19 September 2026
ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ තැනැත්තියක් අත්අඩංගුවට
Local
19 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය 16 හැවිරිදි නුයාරා ප්‍රනාන්දුට!
Local
19 September 2026
කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ දැවැන්ත ආන්දෝලනයක්: Gemini AI විසින් සමාගම් තුනක පද්ධති හැක් කරයි!
Local
19 September 2026