මෑත කාලීන සුළි කුණාටුවෙන් සිදු වූ හානියකින් පසුව මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 30ක් එනම් කි.මී. 1,593න් කි.මී. 478ක් පමණක් භාවිතයට ගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරනවා.
පසුගිය දිනවල දිවයිනට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රවාහනය, කෘෂිකර්මය, විදුලි සැපයුම සහ විදුලි සංදේශ සේවාවන් ඇතුළු අංශ ගණනාවකට බරපතළ ලෙස හානි සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම වැව් 1,777ක්, වේලි 483ක්, ඇළ මාර්ග 1,936ක් සහ කෘෂිකාර්මික මාර්ග 328කට හානි සිදුවී ඇති බව වාර්තා වී තිබෙනවා.
එසේම ගොවිබිම් අක්කර 137,265ක් සහ කුඩා වාරිමාර්ග මාර්ග 305ක් පමණ විනාශ වී ඇති බවටද සඳහන්.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවහිර වී තිබූ මාර්ග 246ක් යළි විවෘත කර ඇතත්, දිවයින පුරා පාලම් 22ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ඒ අනුව, ඌව පළාතේ පාලම් හයක්, උතුරු සහ වයඹ පළාත්වල පාලම් හතර බැගින්, බස්නාහිර පළාතේ පාලම් තුනක්, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල පාලම් දෙක බැගින් සහ උතුරු මැද පළාතේ පාලමක් විනාශ වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
විදුලි සම්බන්ධතා යථා තත්ත්වයට පත්වීම සියයට 91ක් වන නමුත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතිනවා.
බාධා එල්ල වූ විදුලි උපපොළවල් 16,178න් 11,315ක් නැවත සක්‍රිය කිරීමෙන් පසු, බලපෑමට ලක් වූ සම්බන්ධතා 3,531,841න් සියයට 72ක් වන පාරිභෝගිකයින් 2,526,264කට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල රෝගීන් අතපසු කර ගත් සායන, ප්‍රතිකාර සැසි සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා තත්ත්වය යහපත් වූ පසු ප්‍රමුඛතාව ලබා දෙමින් නව කාලසටහන් සකස් කිරීමට රෝහල්වලට උපදෙස් දී තිබෙනවා.
එසේම මාර්ග ප්‍රවේශය කපා හැර ඇති අරණායක ප්‍රදේශයේ ජනතාව වෙත ගුවන් මගින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට කටයුතු කර ඇති අතර, එම ප්‍රදේශයේ වෛද්‍ය කණ්ඩායම් සඳහා අතිරේක සහාය ලබා දී තිබෙන බවට සඳහන්.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමග එක්ව ගෙවල් සහ ගොඩනැගිලිවල ස්ථායිතාව තක්සේරු කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික විශේෂඥයින් කටයුතු කරමින් සිටිනවා.
සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහාය ලබා ගැනීම සඳහා "දේශගුණයට ප්‍රතිචාර දක්වන ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ ආයෝජන සැලැස්මක්" කඩිනමින් සකස් කරන ලෙස ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවයි කොමසාරිස් ජනරාල් චන්ද්‍රකීර්ති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
Local
11 July 2026
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026