General05 December 2025

අයවැය 157කින් සම්මතයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සම්මත වුනා.

අද ප.ව. 7.30 ට පමණ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ද විරුද්ධව ඡන්ද 01ක්ද හිමි වුණා.

ජන්දය ලබා දීමෙන් දෙදෙනෙක් වැළකී සිටියා.

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණා

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වුණා.









Related recommendation
Hiru TV News | Programmes