General08 December 2025

සිකුරාදා දක්වා වැස්ස වැඩිවෙයි

හෙට (9) සිට සිකුරාදා (12) දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තද වැසි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අද සවස බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes